බතට කන්න බැරි බතලේගල කන්ද | Bathalegala Mountain ( Bible rock ) | Aranayaka Kegalle

 කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායකට ආසන්ව පිහිටා ඇති බතලේගල කන්ද එක් පසෙකින් බැලූවිට ලෝකප්‍රකට සීගිරියේ හැඩය ගන්නා බැවින් " පුංචි සීගිරිය " ලෙසින්ද බතලේගල කන්ද හදුන්වනු ලැබේ. මෙයට දිග හැරි බයිබලයක හැඩැති විශාල තැනිතලා ප්‍රදේශයකින් යුත් මුදුනක් පවතින බැවින් විදෙස් ජාතිකයින් මෙය bible rock ( බයිබල් රොක් ) ලෙසද හදුන්වා ඇත .

බතලේගල කන්ද | Bathalegala Mountain ( Bible rock ) | Aranayaka  Kegalle

Route  ( ගමන් මාර්ගය ) 

ඔබ මෙහි යාමට පෞද්ගලික රථයක් භාවිතා කරන්නේනම් පලමුව කෑගල්ල දිස්තිරික්කයේ මාවනැල්ල නගරයට පැමිණ එතැන් සිට අරණායක මාර්ගයේ ගෙවලපිටිය හන්දියට පැමිණ දකුණට හැරී හෙට්ටිමුල්ල මාර්ගයේ 2.3km පමණ පැමිණය විට බතලේගලට යන හන්දිය(හත්ගම්පල) හමුවෙනවා.එම මාර්ගයේ 250m පමණ ගොස් වමට ඇති මාර්ගයේ යායුතුයි.

ඔබ මෙහි බසයෙන් යාමට බලාපොරොත්තු වන්නේ නම් මාවනැල්ල නගරයේ සිට දෙබන්ගමට යන බසයක හත්ගම්පල හංදියට පැමිණ "බතලේගල පර්වතයට" යන මාවත අසලින් බැස එතැන් සිට 2.5 km පමණ දුරක් පයින් ගමන් කළ යුතු ය.


ඉතා පහසුවෙන් තරණය කළහැකි මෙම බතලේගල කදුවැටිය මුදුනෙහි මනරම් බෞද්ධ පන්සලක්ද පිහිටා ඇත .
මෙම කදු මුදුනට කදුවැටිය වටවී ඇති විශාල ප්‍රදේශයක් පහසුවෙන් දැකගත හැක.
පහසුවෙන් තරණය කළහැකි වීමත් මුදුනේ මනා තැනිතලා පිහිටීම සහ කන්දේ මුදුනට පෙනෙන චමත්කාර දර්ශනයත් නිසා මෙම ස්ථානය කදුවුරුබදින්නන් (Campers) අතරද ඉතා ජනප්‍රිය තෝතැන්නකි.

ඔබ මෙහි යාමට බලාපොරොත්තු වන්නේ නම් දුර්ලභ ඖෂධීය ශාකවලින්ද විශාල සත්ව විවිධත්වයකින්ද හෙබි බතලේගල පර්වතය හා රක්ෂිතයට හානියක් නොවන සේ කටයුතු කිරීම ඔබගේ වගකීමක් මෙන්ම යුතුකමකි.

Video





English Translated 

Mount Batalegala, located close to Aranayaka in the Kegalle District, is also known as the "Little Sigiriya" as it takes the shape of the world famous Sigiriya on one side.
Foreigners call it as "Bible rock" because it has a large plain area in the shape of an unfolded bible.
There is also a beautiful Buddhist temple at the top of the Batalegala mountain range which is easily accessible.
At the top of this mountain you can easily observe a large area which surrounds the mountain range.
If you are wish to visit here, it is your responsibility as well as your duty to ensure that the Batalegala Rock, which is rich in rare medicinal plants and a large variety of animals, is protected from damage.

PC : Janith Gihan

බතට කන්න බැරි බතලේගල කන්ද | Bathalegala Mountain ( Bible rock ) | Aranayaka  Kegalle




Post a Comment

0 Comments