බත්තලන්ගුන්ඩුව දූපතේ සොදුරු සවාරිය | දූපතේ ජීවිතේ | කල්පිටිය | Baththalangunduwa Beach Camping | SL Travel Vibes

 කොරෝනා නිසා ගෙවල් වලටම කොටුවී සිටි අපට කොහේ හෝ ලස්සන පැත්තක සංචාරය කිරීම සදහා ඉමහත් ඕනෑකමක් තිබුනි. ඔය අතරේ ශෙහාන් සහ කුමලි ගේ මූලිකත්වයෙන් බත්තලන්ගුන්ඩුව චාරිකාව සංවිධානය විය.

විවිධ වැඩ හේතුවෙන් සතිකිහිපයක් ප්‍රමාද වූ අපගේ ගමනට අවසානයේ සතිඅන්තයක් තීන්දු විය. අපගේ නඩයේ සමාජිකයන් ගනන 13 කි. සෙනසුරාදා දහවල් වනවිට දූපතට සේන්දු වී ඉරිදා දවස එහි ගතකර සදුදා සවස්වරුවේ ඇති බෝට්ටුවෙන් නැවත පැමිණීමට අපගේ සැලස්ම විය.


බත්තලන්ගුන්ඩුව දූපතේ සොදුරු සවාරිය | beach camping night | SL Travel Vibes


රාත්‍රී දෙකක් දූපතේ සිටින බැවින් සුවපහසුවට සිටීම සදහා 6 person tent 3 ක් ද 4 person tent 2 ක් ද ඇතුළුව අවශ්‍ය කළමනා සූදානම් කළගත් අප උදෑසන 4.45 ට පමණ මීගමුවට සේන්දු විය. උදෑසන 5 ට මීගමුවේ සිට කල්පිටියට ඇති බස්‍ රථයෙන් උදෑසන 8.15 පමණ වනවිට අප කල්පිටිය වරායට ලගාවිය විය.
එතැනින් අපට අවශ්‍ය තවත් ආහාර ද්‍රව්‍යයන්ද වතුර බෝතල්ද සූදානම් කරගත් අප උදෑසන 8.30 ට ඇති බෝට්ටුවෙන් කල්පිටියේ සිට බත්තලන්ගුන්ඩුව සදහා මුහුදු ගමන ආරම්භ කළේය.

කල්පිටියේ සිට බත්තලන්ගුන්ඩුව දූපතට ආසන්නව 35 km පමණ දුරක් ඇත. බෝට්ටුවේ යන අතර මගදී බෝට්ටුවේ සිටි අයියාගේ මාර්ගයෙන් දිවා ආහාර අප බත්තලන්ගුන්ඩුවෙන් ඇනවුම් කළේය. කුඩා දූපත් කිහිපයක් පසු කරමින් සුන්දර පැය 3 1/2 කට ආසන්න ගමණකින් දහවල් 12 ට පමණ අප බත්තලන්ගුන්ඩුවට ලගාවිය.


අප බත්තලන්ගුන්ඩුවට ලගාවූයේ වැස්සත් අරගෙනය. Camping කිරීම සදහා වඩාත් උචිත ස්ථානයක් ඇත්තේ අප ගොඩ බැසූ තැනින් දූපතේ අනෙක් පසට වන්නටය. මෙම දූපත 500 m පමණ පළල තරමක් දිගින් යුතු දූපතකි. මෙම දූපතේ ගම් කිහිපයක් ජීවත් වන අතර මෙහි ක්‍රිස්තියානි පල්ලියක් , පොලිස් ස්ථානයක් සහ කඩවල් කිහිපයක්ද අපට දක්නට ලැබුනි. අපගේ ආරක්ෂාව සදහා දූපතට පැමිණීමෙන් පසු මෙහි පොලිස් ස්ථානය ඒ පිළිබඳව දැනුවත් කරන්න යැයි අපට කල්පිටිය වරායෙන් උපදෙස් ලැබුණු බැවින් ඒ සදහා දෙදෙනකු පිටත් වීය.

ඔවුන් පැමිණි පසු අප වැස්සේම උවද ගෙන ආ බඩු මුට්ටු එහෙන් මෙහෙන් එල්ලාගෙන දූපතේ අනෙක් පස පිහිටි එම සුන්දර camping area එකට සේන්දු විය. නොනවතින වැස්ස හේතුවෙන් තෙතබරිත වී සිටි අප අමාරුවෙන් කූඩාරම් දෙක තුන අටවා ගෙන ආ දේ නොතෙමෙන සේ කූඩාරම් වලට දමා වෙනත් කරන්නට ද දෙයක් නොමැති බැවින් මුහුදට බැසීමට තීරණය කළේය. වැසි වේලාවක් බැවින් මුහුදේ ජලය තරමක් රස්නයට දැනුණි.එම නිසා මුහුදේ නාමින්ද වෙරළේ නොයෙක් සෙල්ලම් කරමින්ද අප කාලය ගත කළේය.

මඳ වේලාවකින් වැස්ස තරමක් අඩුවූ බැවින් ඇනවුම් කළ ආහාරද රාත්‍රියේදී BBQ  දැමීම සදහා මාළුවන් ද අපගේ සගයන් කිහිප දෙනෙක් ගොස් රැගෙන ආවේය. එම ප්‍රණීත ආහාරවේල රස බැලීමෙන් අනතුරුව රාත්‍රී කෑමවේල සෑදීම සදහාත් ගිණිමැළය ගැසීම සදහාත් අප කාර්යබහුල විය.රාත්‍රී ආහාර සූදානම් කළගත් අප ගිනිමැළය අසලට වී සතුටු සාමිච්චියේ යෙදෙමින්  හෝරා ගණනාවක් ගත කළේය .

ඉතින් මෙසේ අපගේ චාරිකාවේ පළමු දවසේ නිමාව ළගාවිය. තවත් සුන්දර සිදුවීම් රාශියක් අපගේ මතකයන් අතරට එම දින කිහිපයේ එකතු වූ නමුත් ඒවා සියල්ලම වචන වලට පෙරළීමට අවශ්‍ය නැතැයි මට හැගේ. ඇරත් එම මතක සියල්ල වචනවලට පෙරලීම කළහැකි කාරියක්ද නොවේ. 

සුන්දර දින දෙකක් ඉතා ප්‍රීතියෙන් ගතකළ අප සදුදා දහවල් 1.30 ට පවතින බෝට්ටුවෙන් නැවත කල්පිටිය බලා පිටත් වීය.

අපගේ තවත් සුන්දර චාරිකාවක් මෙසේ නිමා විය.

Video


video link : https://youtu.be/1n-E5WygOrU








Post a Comment

0 Comments