පිල්විහිදා ගත් මොණරෙකුගේ හැඩැති මොණරගල කදුවැටිය | පුස්සැල්ලාව | Peacock Hill | Pussallawa | SL Travel VIbes

 Peacock hill හෙවත් මොණරගල කදුවැටිය මහනුවර දිස්ත්රික්කයේ පුස්සැල්ලාව ප්රදේශයේ පිහිටා ඇති සුන්දර කදු වැටියකි.
පහත සිට බැලූ විට පිල් විහිදී මොණරෙකුගේ හැඩයක් ගන්නා බැවින් මෙම නම මෙයට ලැබී ඇත.

මොණරෙකුගේ හැඩැති මොණරගල කදුවැටිය | පුස්සැල්ලාව | Peacock Hill | Pussallawa | SL Travel VIbes


මහනුවර දිස්ත්‍රික්කයේ සිට 45km පමණ දුරින් පිහිටි මෙම කදු වැටිය තරණය සදහා මාර්ග කිහිපයක් පවතී . ඔබට කොත්මලේ පිහිටි මහවැලි මහා සෑය අසලින් ද එසේත් නැතිනම් දොරගල පිහිටි තේ කර්මාන්ත ශාලාව අසලින් ද මොණරගල ඉහළට ලගාවිය හැක.
මහනුවර ගම්පොල නගරයට පැමිණ එතැන් සිට දොරගල බසයකින් පහසුවෙන් තේ කර්මාන්ත ශාලාව අසලට පැමිණිය හැක .
එතැන්සිට එම මාර්ගය ඔස්සේ 2km පමණ ගියවිට ඔබට මුදුනට ලගාවිය හැකි අතර කදු මුදුනේ දුරකථන සංඥා කුලුණු කිහිපයක් ද දැකගත හැක.





මෙම කදු මුදුනට ගම්පොල , පුස්සැල්ලාව හා නාවලපිටිය යන නගරත් අම්බුලුවාව , කබරගල , අලගල්ල හා බතලේගල ආදි කදු වැටිත් පැහැදිලිව දැකගත හැක .
ඔබත් මෙම මනරම් කදුවැටියේ අසිරිය විඳගැනීමට අමතක කරන්න එපා.

Video





English Translated 

Peacock Hill Mountain (" Monaragala " ) is one of the most beautiful mountain range in Pussellawa - Sri Lanka.
It gets its name from the fact that it looks like a peacock spreading its wings when viewed from bellow.
There are sevaral routes to climbe this mountain ( 45km from the city of Kandy) . You can reach the top of " Monoragala " near the Mahaweli Maha Seya in Kothmale or near the Tea factory in Doragala.
You can use the " Gampola - Doragala " bus service from Gampola town and easily reach the Doragala Tea factory.
From there you can reach the top of the mountain in about 2km . Travelers could see the beauty of Gampola Town, Pussellawa Town, Nawalapitiya Town, Ambuluwawe , Bible rock, Kabaragala and Alagalla mountain ranges clearly.
So you too are invited to experience the wonders here.
2020.07.11

Peacock Hill  top view| Pussallawa | SL Travel VIbes

Peacock Hill  top view| Pussallawa | SL Travel VIbes

Peacock Hill  top view| Pussallawa | SL Travel VIbes


Post a Comment

0 Comments