කඩියන්ලෙන දිය ඇල්ල නාවලපිටිය | Kadiyanlena Falls Nawalapitiya | Sri Lanka | SL Travel Vibes

මහනුවර නගරයට ආසන්නව එක දවසින් පොදු ප්‍රවාහන බස්රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් ලේසියෙන් ගිහින් නාලා විනෝදවී එන්න පුළුවන් හරි අපූර්ව දිය ඇල්ලක් ගැනයි අද මෙම ලිපියෙන් ඔබට කියන්න යන්නේ.

කඩියන්ලෙන දිය ඇල්ල නාවලපිටිය | Kadiyanlena Falls Nawalapitiya | Sri Lanka | SL Travel Vibes

මහනුවර නගරයේ සිට 46 km පමණ දුරකින් පිහිටි කාඩියන්ලෙන නගරය ආසන්නයේ තමා මේ දියඇල්ල පිහිටලා තියෙන්නේ. මේ දියඇල්ලේ එක් පසෙකින් කාඩියන්ලෙන නගරයත් අනෙක් පසින් කැටබූල වතුයායත් පිහිටලා තියෙන නිසා මෙම දියඇල්ලට කාඩියන්ලෙන ඇල්ල වගේම කැටබූල ඇල්ල කියලත් කියනවා. 

මෙම කාඩියන්ලෙන ඇල්ලෙන් තමයි මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන් දෙක වෙන්වෙන්නෙත්.

Route (ගමන් මග)



මෙම දියඇල්ල පිහිටලා තියෙන්නේ නාවලපිටිය - දිබුල මාර්ගයේ (B317) නාවලපිටියේ ඉදන් 13 km පමණ දුරකින්. එම මාර්ගය තරමක් අබලන් වී සහ පටුව පැවතියත් ඕනම වාහනයකින් මෙහි ලගාවීමට නම් එතරම් අපහසුවක් නැහැ.

ඔබ නුවර නගරයේ සිට පොදු ප්‍රවාහන සේවා යොදාගෙන ගමන් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට මහනුවර සිට නාවලපිටිය නගරයට දුම්රියේ හෝ නාවලපිටිය / හැටන් බසයකින් (දුම්රියෙන් යනවානම් ලස්සන පරිසරයක් බලා ගෙන යන්න පුලුවන්) පහසුවෙන් ලගාවිය හැකියි. 
නාවලපිටියේ සිට තලවකැලේ බසයකින් දියඇල්ල අසලටම ( දියඇල්ල පාර අසලම තමා පිහිටලා තියෙන්නේ ) ලගාවිය හැකියි.

මෙම දියඇල්ල කොටස් තුනකින් කඩා හැලෙන අතර මෙම  දිබුල (තලවකැලේ ) මාර්ගය පිහිටා තියෙන ආරුක්කු තුනේ පාලමට ඉහලින් දියඇල්ලේ කොටස් දෙකකුත් පාලමට යටින් අනික් කොටසත් දැකගන්නට පුලුවන්. තරමක් ඈතට ගොස් (කාඩියන්ලෙන නගරය දෙසට ) බැලූවිට මේ පාලම යටින් දියඇල්ල කඩා හැලෙන ආකාරය ඉතාමත් ලස්සනට දැකගන්නට පුලුවන.
දියඇල්ලේ ඉහළ කොටස වැසි නොමැති අවස්ථාවක් නම් දියනෑමට සුදුසු නමුත් වැසි අවස්ථාවල දියඇල්ලේ ජලය ක්ෂණිකව වැඩිවිය හැකි බැවින් මෙහි නෑමට පෙර ඒ පිළිබඳව අනිවාර්යයෙන්  සැලකිලිමත් වන්න.

ඉතින් නිවාඩු දිනයක නාවලපිටියේ පිහිටි තවත් ලස්සන දියඇල්ලක් වන කාඩියන්ලෙන ඇල්ලේ අසිරිය විදගැනීමට අමතක කරන්න එපා.

Video


කඩියන්ලෙන දිය ඇල්ල නාවලපිටිය | Kadiyanlena Falls Nawalapitiya | Sri Lanka | SL Travel Vibes

කඩියන්ලෙන දිය ඇල්ල නාවලපිටිය | Kadiyanlena Falls Nawalapitiya | Sri Lanka | SL Travel Vibes





Post a Comment

0 Comments