මධ්‍යම පළාතේ සුප්‍රසිද්ධම සංචාරක ස්ථානය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය | මහනුවර | Nelligala International Buddhist Center | SL Travel Vibes

  මහනුවර දිස්තිරික්කයේ පිළිමතලාව නගරයට ආසන්ව මුරුතලාව ගම්මානයේ උස් කදු මුදුනක නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිහිටා ඇත .මෑත යුගයේ දෙස්විදෙස් සංචාරකයින් අතර අතිශයින් ජනප්‍රියත්වයට පාත්‍ර වූ මධ්‍යම පළාතේ සුප්‍රසිද්ධම ස්ථානය මෙය ලෙස සැලකේ .


2015 දී ඉදිකිරීම් ආරම්භවූ මෙම නවීන බෞද්ධ
මධ්‍යස්ථානයට පහතින් පිහිටි විශාල ප්‍රදේශයක් මනාව දිස්වේ. මෙම බෞද්ධ මධ්‍යස්ථානය ජනතාව අතර මෙතරම් ජනප්‍රිය වීමට එය එක් හේතුවකි .
බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සහ ශාවක මහරහතන් වහන්සේලාගේ ධාතුන් තැන්පත්කොට අඩි 80 ක් පමණ උසට ගොඩනගා ඇති ශාක්‍යසිංහ මහා චත්‍යය රාජධයානන් වහන්සේත් ඔබට මෙහිදී දැකගත හැක.
මෙම පූජා භූමියට හන්තාන , අම්බුලුවාව , නකල්ස් , හුන්නස්ගිරිය , රාමසර , අලගල්ල , පිදුරුතලාගල ඇතුලු ඉතාමත් සුන්දර කදුවැටිද ඇතුලු විශාල ප්‍රදේශයක් මනාව දිස්වේ.
මෑතකදී මෙම ස්ථානයේ ඉදිකරනලද සුමන සමන් දේව ප්‍රතිමාව නිසා මෙහි සුන්දරත්වය තවත් වැඩිවී ඇත. මීදුම සහිත අවස්ථාවල සමන් දෙවිදුන් ඇතුපිටින් අහසින් වඩින්නාක් සේ ඉතාමත් සුන්දරව මෙය දිස්වේ.
අහස හොදින් පැහැදිලි අවස්ථාවල මෙම සමන් දේව ප්‍රතිමාවට පිටුපසින් අතිපූජනීය ශ්‍රී පාදස්ථානයද දැකගැනීමට පුලුවන.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය | සුමන සමන් දේව ප්‍රතිමාව

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය | සුමන සමන් දේව ප්‍රතිමාව

Route  ( ගමන් මාර්ගය )  

මහනුවර නගරයේ සිට 13 km පමණ දුරකින් මෙය පිහිටා ඇති අතර මෙම මනරම් සිද්ධස්ථානයට ලගාවිය හැකි මාර්ග කිහිපයක්ම පවතී .

මහනුවර නගරයේ සිට පැමිණෙන අයෙකුට පහසුම මාර්ගය වන්නේ ගන්නොරුව හරහා මුරුතලාව හන්දියට පැමිණ එතැනින් දකුණට හැරී මද දුරක් ගිය විට " නෙල්ලිගලට " ලෙස සදහන්ව වම් පසට ඇති මාර්ගයේ ඉහළට ගමන් කිරීමයි. පිළිමතලාව , දොඩම්වල ප්‍රදේශ වල සිටද මුරුතලාව හන්දියට ලගාවිය හැක .


ඔබත් මහනුවර දිස්තිරික්කයේ පිහිටි ඉතාමත් මනස්කාන්ත මෙම නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය වන්වන්දනාමාන කරගැනීමට අමතක කරන්න එපා.

Video


English Translated 

The Nelligala International Buddhist Center is located on a mountain peak in Muruthalawa,a village near to Plilimathalawa in Kandy district.This can consider as one of the most popular tourist attractions in central province among both local and foreign visitors. The easiest way to get there for a visitor coming from Kandy is to go through Gannoruwa to Muruthalawa junction and from there turn to right side and take few steps untill you found a path mentioning "TO NELLIGALA" on the left ,and then climb up that path. You can also get in to the Muruthalawa junction from Pilimathalawa and Dodanwala areas. Having a good wide way from bottom to the peak of this mountain is one of the reasons for the popularity of this beautify place. This modern Buddhist centre was built in the year 2015.Another reason for the popularity of this place is, you can experience a great view on a broad range of places below down here.
Here you can also see the Sakyayasinghe Maha Seya Chaitya, which is about 80 feet high and houses the relics of the Supreme Buddha and the relics of Arahant Shavaka.

This sacred area has a great view of a large area including Hanthana, Ambuluwawa, Knuckles, Hunnasgiriya, Ramasara, Alagalla, Pidurutalagala as well as the most sacred Samanala mountain peak.
So even if you are not a Buddhist, this is a must visit place for you as a tourist.
#nelligala #internationalbuddhistcenter #kandy #srilanaka #sltravelvibes

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය | ශාක්‍යසිංහ මහා චත්‍යය රාජධයානන් වහන්සේ

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය | ශාක්‍යසිංහ මහා චත්‍යය රාජධයානන් වහන්සේ

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය











Post a Comment

0 Comments