විඩාබර දිවියෙන් මිදී සොදුරු දවසක් ගත කිරීමට දොලොස්බාග ප්‍රදේශයේ උචිතම ස්ථානය කබරගල කදුවැටිය | Kabaragala mountain range | Dolosbagaya | SL Travel VIbes

ශ්‍රී ලංකාව යනු දර්ශනීය කදුවැටි රාශියකින්ද මනස්කාන්ත දියඇලි ගණනාවකින් ද බහුල වූ ඉතා විචිත්‍රවත් රටකි. 

එම කදුවැකදුවැටි අතරින් සමහරක් ඉතා පහසුවෙන් තරණය කළහැකි අතර සමහරක් තරණය සදහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ.

ශ්‍රී ලංකාවේ බොහෝ අලංකාර කදුවැටි මධ්‍යම පළාත ආසන්නව පිහිටා ඇත. මෙම ලිපියෙහි සදහන්වන කබරගල කදුවැටියද මධ්‍යම පලාතේ දොලොස්බාග ප්‍රදේශයේ පිහිටි තරමක් පහසුවෙන් තරණය කළහැකි සුන්දර  කදුවැටියකි.

Kabaragala mountain range kandy | sl travel vibes

" When the going gets tough the tough gets going Tough guys who reach the top
 will enjoy the beauty of the valley  "

මෙම කබරගල කදු වැටිය මහනුවර දිස්ත්‍රික්කයේ දොලොස්භාග ප්‍රදේශයේ ඇති උසම කදුපන්තිය වන අතර මෙය උසින් 1500m පමණ වේ. මෙය පහතසිට බැලූකළ නිදාසිටින කබරගොයෙකුගේ හැඩයක් ගැනීම " කබරගල " යන නම මෙයට ලැබීමට හේතු වූ බව සැලකේ .

මෙහි මුදුනට එක් පසෙකින් අම්බුලුවාව , කොත්මලේ ජලාශය සහ සෑය ද අනෙක් පසින් සප්තකන්‍යා කදු පන්තිය ඇතුලු විශාල ප්‍රදේශයක් මනාව දිස්වේ . හොදින් පායා ඇති දිනක නම් විමසිල්ලෙන් බැලූකළ අතිපූජනීය ශ්‍රී පාදස්ථානයද මෙහි මුදුනට දැකගන්නට පුලුවන .
මෙම කබරගල කදුවැටිය කූඩාරම් ගසා සුන්දර රාත්‍රියක් ගතකිරීම සදහාද ඉතා උචිත ස්ථානයක් වන නමුත් තමා රැගෙන පැමිණි සියලු දේ පරිසරයට බැහැර නොකර ඔබත් සමග යලි රැගෙන යාමට වගබලා ගන්න. මන්ද මෙවැනි සුන්දර ස්ථානයන් ආරක්ෂාකරගැනීම අපගේ වගකීමක් මෙන්ම යුතුකමකි .



Route  ( ගමන් මාර්ගය )  

කබරගලට ළඟා වීම සදහා මාර්ග කිහිපයක් පවතී . ඔබ පෞද්ගලික රථයකින් පැමිණෙන අයෙක් නම් ගම්පොල නගරයට පැමිණ එතැන් සිට දොලොස්භාග මාර්ගයේ 20km පමණ පැමිණි විට හමුවන ' මෙරිවිල ' හන්දිය අසල  ' CRAIGHEAD ' වත්ත අසලින් ඇති මාර්ගයේ ඉහළට ගමන් කළ යුතුය .

බස් රථයකින් පැමිණෙන අයෙක් නම් නාවලපිටියට පැමිණ එතැන් සිට කුරුදුවත්ත - දොලොස්භාග බස් රථයකින් පහසුවෙන් මෙරිවිල හන්දියට ළඟා විය හැක .

  කදු පාමුල සිට ඉහළට ලගාවීමට ආසන්නව පැය 2 ක් පමණ ගතවේ. (සාමාන්‍ය වේගයෙන් නැන්ගොත්) . කබරගල මදුනේ ගල් පොත්තක් සේ පිහිටි ස්ථානයේ සිට කදුවැටිය කෙළවරට ලගාවීමට තරමක් ඝනව වැඩුනු ෆයිනස් වනාන්තරක් මැද්දෙන් 500 m පමණ දුරක් අඩිපාරක් ඔස්සේ ගමන්කළ යුතුවේ. වැසිදිනවල නම් එම මාර්ගයේ කූඩැල්ලන් බහුලව දක්නට ලැබෙන බැවින් මෙහි යාමේදී ඒ පිළිබඳවද සැළකිලිමත් වන්න.

 තවද වැසිදිනවල සාමාන්‍යයෙන් කබරගල කදුවැටියේ කෙළවර මීදුමෙන් වැසී පවතින බැවින් අවට පැහැදිලිව දැකගනීමට නොහැකිවේ. එනිසා ඔබ මෙහි යාමට බලාපොරොත්තු වන්නේ නම් හොදින් පායා ඇති දිනක මෙහි යාම වඩාත් සුදුසු වේ.

මෙම මනස්කාන්ත පරිසරයට කිසිදු හානියක් නොකර ඔබත් මෙම මනරම් කදුවැටියේ අසිරිය විඳගැනීමට අමතක කරන්න එපා .

Video




English Translated 

Sri Lanka is a very special hiking destination. There are trails for all sorts of experience, from easy walks to more intense treks. Sri Lanka also has over 400 waterfalls, a visit to which is included in plenty of hikes.

The Kabaragala mountain range,which is in the shape of a tomb, is the highest mountain range in the Dolosbage area of   the Kandy district and is about 1500m high.

  There are several ways to reach Kabaragala. If you are coming by a private vehicle, you have to come to Gampola town and from there you have to go up the road near the 'CRAIGHEAD' estate , near the 'Merivila' junction which you will find about 20km on the Dolosbage Road.
Those who come by bus can reach Nawalapitiya and from there easily reach Meriwila Junction by Kuruduwaththa - Dolosbage Bus.

This is a perfect place for camping. At the top of this mountain, the Kothmale Reservoir and Seya on one side and a large area including Ambuluwawa on the other side are clearly visible.


Kabaragala Mountain range - SL Travel Vibes

Kabaragala Mountain range - SL Travel Vibes


#kabaragala #hike #dolosbagaya #kandy #srilanka #sltravelvibes


Few more beautiful Mountains for Hike near Kabaragala are

  • Ambuluwawa 
  • Hanthana Mountain range 
  • Peacock hills
  • Rakshawa 




Post a Comment

0 Comments